ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව නායකත්වයට සුබ පතන බවත්, කිසිම හේතුවක් නිසා පක්ෂයත්, පක්ෂ සාමාජිකයනුත් හැර නොයන බවත් මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ශ්‍රීලනිපයේ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතාට ලිපියකින් දන්වා ඇත.
කලින් යොදා ගත් අවලංගු කළ නොහැකි කටයුතු කිහිපයක් නිසා බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභා රැස්වීමට සහභාගී වීමට නොහැකි බව දන්වමින් එම ලිපිය එවා තිබිණි.
ඇතුළතින් සහ පිටතින් එල්ල වන නින්දා අපහාස පරිභව සේම කොන් කිරීම් ද ඉවසා දරා ගැනීමේ හැකියාව තමාට ඇතැයි ද හිටපු ජනපතිගේ ලිපියේ සඳහන්ය.
‘ඉදිරියේ දී ද නැවත අප ජය ගත යුතුය. එය පක්ෂ වෙනුවෙන් මෙන්ම රට වෙනුවෙන් ද ඉටු කළ යුතුය. ඒ සඳහා මගෙන් ඉටුවිය යුතු යුතුකම් පිළිබඳව තවමත් මා කැපවන බවත් වැඩිදුරටත් සඳහන් කරමි.‘ යැයි ද රාජපක්ෂ මහතා කියයි.

