‘නිදහස් ජනතා සන්ධානය’ ඡන්ද වැඩ අරඹයි


(යොහාන් භාසුර)

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 35 ක් නියෝජනය කරන මෙවර පළාත් පාලන මැතිවරණයට ‘හෙලිකොප්ටරය’ ලකුණෙන් තරග කරන ‘නිදහස් ජනතා සන්ධානය’ මැතිවරණ ප්‍රචාරණ කටයුතු කොළඹදී අද (27) නිලවශයෙන් ආරම්භ කළේය.

එහිදී ‘නිදහස් ජනතා සන්ධානය’ පළාත් පාලන මැතිවරණයේ තේමාව වන ‘නිදහස් වෙමු’ යන තේමාව සහ එම පක්‍ෂයේ සමාජ මාධ්‍ය පිටුව සහ එහි ප්‍රතිපත්ති ප්‍රකාශය ද එළිදැක්වීය.

එහිදී ‘නිදහස් ජනතා සන්ධානය’ට ඇතුළත් පක්‍ෂවල නාකයකන් සහ නියෝජිතයන් ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වූහ.

පාරිලිමේන්තු මන්ත්‍රීවරු වන මහාචාර්ය ජී. එල්. පීරිස්, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, මහාචාර්ය චරිත හේරත්, අනුර ප්‍රියදර්ශන යාපා, ආචාර්ය නාලක ගොඩහේවා, ජයන්ත සමරවීර, වෛද්‍ය උපුල් ගලප්පත්ති, උදයන කිරිදිගොඩ සහ ගාමිණි වලේගොඩ,   නිදහස් ජනතා සන්ධානයේ ප්‍රධාන ලේකම් තිලංග සුමතිපල සහ ශ්‍රී ලංකා කොමියුනිට්ස් පක්‍ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ යන මහත්වරු ඇතු`ඵ පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

(ඡායාරූපය: ජයමාල් චන්ද්‍රසිරි)