‘නව අගවිනිසුරුට සහාය නෑ‘


ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ඉල්ලීමට අනුව අගවිනිසුරුවරියට සාධාරණයක් ඉටු කොනර කර එම තනතුරට වෙනත් කෙනෙකු පත් කළහොත් ඔහු නොපිළි ගන්නා බව කියන යෝජනාවක් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ විශේෂ රැද්වීමේදී අද ඒකමතිකව සම්මත විය. 3000ක් පමණ නීතීඥවරු මේ රැස්වීමට පැමිණියහ. අගවිනිසුරු වෙනුවෙන් සාධාරණ හා ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙසද සංගමය ඒකමතිකව තීරණය කළේය. මේ යෝජනා සම්මත වූයේ ප්‍රීති ඝෝෂා සහ ඔල්වරසන් මැද්දේය. මේ අතර සංගමයේ උප සභාපති අනෝමා ගුණතිලක මහත්මිය සිය තනතුරෙන් ඉල්ලා අස්වූයේ සභාපති ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා ඒකාධිපතියකු ලෙස වැඩ කරන බව ප්‍රකාශ කරමිනි. ජනපති හමුවී කරුණු කියා සාධාරණයක් ඉටු කර ගනීම ඊට වඩා සුදුසු බව ද ඇය කීවාය.