‘දොළොස්දහක් පුල්ලි මකා යහමඟට ගත්තා‘
කොටි සංවිධානයේ හිටපු සාමාජිකයන් දොළොස් දහසක් අයාලේ යා නොදී පුනරුත්ථාපනය කෙළේ ඔවුන් සමාජයට වැඩ දායක පිරිසක් බවට පත් කිරීමට යැයි මහින්ද රාජපකෂ ජනපති අරලියගහ මන්දිරයේ දී පැවැසීය. සමාජගත අභ්‍යාස ලාභින්ට ස්වයං රැකියා සඳහා ණය දෙමින් ජනපති කීවේ ඔවුනට තම ගම්රටවලට ගොස් නිදහසේ සිය ජිවන මාර්ගය සලසා ගැනීමට රජය සියලු ඉඩකඩ සලසා ඇත බවයි. උතුරු සංවර්ධනය වෙනුවෙන් රුපියල් කෝටි 40000ක් වැය කැර ගෙන යන බව ද ජනපති කීවේය.

