මීට පෙර තමාත් මෛත්‍රීපාල සිරිසේන ජනපතිත් අතර හමුවකට දින යොදාගෙන තිබිය දී තම සහෝදරයා වන බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගත් බවත්, දැන් නැවත හමුවකට දිනයක් නියමව තිබිය දී තමාගේ ආරක්ෂක කෝප්‍රල්වරයකු අත්අඩංගුවට ගෙන ඇති බවත්, අද හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගත් බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි.
මේ සියල්ල දේශපාලන හස්තයක් විසින් මෙහෙයවන බව පැහැදිලිවන්නේ යැයි ද හිටපු ජනපති පවසයි.
ජනපති සිරිසේන මහතා ගිය උත්සවයකට තම පුත් නාමල් සමඟ ගිණි අවියක් ඇතැතිව ආ බව කියන කෝප්‍රල් තමාගේ ආරක්ෂක කණ්ඩායමේ සාමාජිකයකු බවත්, තම ඉල්ලීම පරිදි ඔහු නාමල් රාජපක්ෂ සමඟ එහි ගිය බවත්, කෝප්‍රල් ගිනි අවියක් අතැතිව උත්වයට නොපැමිණි බවත්, ඔහු ගිනි අවිය යුද හමුදා රියදුරට බාර දී ඇතුළට ගොස් ඇති බවත් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

