(යොහාන් භාසුර සහ ඉන්දිකා රාමනායක)
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ජනාධිපති සමාව අත්හිටුවීම හේතුවෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා බන්ධනාගාර නිලධාරීන්ගේ විශේෂ ආරක්‍ෂාව යටතේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් (පාලන සහ පුනරුත්ථාපන) චන්දන ඒකනායක මහතා පැවසීය.
දුමින්ද සිල්වා මහතා ශ්‍රි ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (1) අත්අඩංගුවට ගැනීමෙන් පසු බන්ධනාගාර නිලධාරීන් භාරයට ගත් බව ද ඒකනායක මහතා වැඩි දුරටත් කීය.