(විනීතා එම්. ගමගේ)
දුම්වැටි භාවිතය පාලනය සඳහා රජය ගෙන ඇති පියවර කිසිදු ප‍්‍රගතියක් ලබා නැතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය චෝදනා කරයි.
දුම්වැටි භාවිතය නිසා වාර්ෂිකව මෙරට වැසියන් 20000 කට ආසන්න පිරිසක් මිය යන බවත් ඒ අනුව රජයේ දුම්වැටි පාලනය අසාර්ථක බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හරිත් අලූත්ගේ මහතා ප‍්‍රකාශ කළේය.
ලොවටම ප‍්‍රශ්නයක් වී ඇති දුම්වැටි පාලනය කිරීමට ලෝකයේ රටවල් 179 ක් ජජාත්‍යන්තර ප‍්‍රඥප්තියකට අස්සන් තබා ඇති බවත් මේ ප‍්‍රඥප්තියට අස්සන් කළ මේ කලාපයේ මුල්ම රට ශ්‍රී ලංකාව වන නමුත් ඒ සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් නොකිරීම කනගාටුවට කරුණක් බවත් හෙතෙම කියා සිටියේය.
මේ සම්බන්ධව අවධානය යොමු කළ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය දස වැදෑරුම් යෝජනාවලියක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත භාර දුන් නමුත් මේ වන තුරුත් රජය ඒ පිළිබඳව අවධානය යොමු කර නැතැයි පෙනී යන බව ද වෛද්‍ය අලූත්ගේ මහතා පැවැසීය.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සහකාර ලේකම්වරයා මේ අදහස් පළ කළේ එහි ප‍්‍රධාන කාර්යාලයේ අද (31) පැවැති මාධ්‍ය හමුවකදීය.
‘‘ අද ලෝක දුම්වැටි විරෝධි දිනයයි. දුම්වැටි වරෝධී දිනයක් සමරන්නේ එය ලොවටම බරපතල ගැටලූ රාශියක් ගෙන එන බැවිනුයි. ඩෙංගු රෝගයෙන් වසරකට මිය යන සංඛ්‍යාව 300කට ආසන්නයි. එහෙත් දුම්වැටි ආශි‍්‍රත රෝග නිසා දැන් වසරකට 20000 කට ආසන්න පිරිසක් මිය යනවා‘‘
‘‘රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයමේ ගැන අවධානය යොමුකර දස වැදෑරුම් ප‍්‍රතිපත්තියක් හැදුවා. එය රජයට භාරදී මාස 9කට ආසන්න කාලයක් ගතවෙලා. සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇති අකාර්්‍යක්ෂමතාවයේ මිනුම් දඬු සැලකිල්ලට ගත් පසුවද අඩුම වශයෙන් අදට යෙදෙන ලෝක දුම්වැටි දිනයේ හෝ යම් ප‍්‍රගතියක් ලබා තිබෙනු ඇතැයි අප අපේක්ෂා කළත් එය සිදුවී නැහැ‘‘ යැයි ද වෛද්‍ය අලුත්ගේ මහතා පැවසීය.

