‘අපේ රටේ මා දන්න විදියට චණ්ඩි දෙන්නයි සිටියේ. ඒ එක්කෙනෙක් ප්‍රභාකරන්. අනෙකා රෝහණ විජේවීර. ඊට වැඩිය චණ්ඩියෙක් මේ රටේ නැහැ. දැන් සිවුරක් දා ගත්ත චණ්ඩියෙක් එනවා, මට චණ්ඩිකම් කරන්න.ඒ චණ්ඩියෙක් නෙවෙයි. චන්ඩි කවුද කියා මම හොඳට දන්නවා. ප්‍රභාකරන් චන්ඩියත් මා මරන්න හැදුවා. මගේ ඇඟේ එක පැත්තක යකඩ කෑලි තියෙනවා. චන්ඩියා මැරුණා. මම ඉන්නවා. විජේවීර චණ්ඩියත් මා මරන්න හැදුවා. මගේ ඇඟේ තව පැත්තක යකඩ කෑලි තියනවා. විජේවීරත් මළා. මම ඉන්නවා. ‘ ධීවර ඇමැති දොස්තර රජිත සේනාරත්න මහතා තංගල්ල කළමැටිය ධීවර වරාය සඳහා මුල්ගල තැබීමේන් පසු ජනහමුවක දී පැවසීය.

