‘දරුවන් රැකගන්න‘
කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස මැද පෙරදිග යෑම අඩුකරන බවත් ශ්‍රී ලංකාවේ දරුවන් රැකගත යුතු බවත් දරු තිදෙනකුගේ පියකු වශයෙන් තමා අවවාද කරන බවත් මහින්ද රාජපක්ෂ ජනපති රත්නපුර සීවලී ක්‍රිඩාංගනයේ ඡන්ද රැස්වීමක දී ප්‍රකාශ කෙළේය. වැඩි වශයෙන් රට යැවිය යුත්තේ පුරුෂ පක්ෂය යැයි ද කාන්තාවනට පුහුණුවක් දී වඩාත් හොඳ රැකියාවක යැවීමට පියවර ගන්න ඕනෑ යැයි ද ජනපති කීවේය. පළාත් සභා බලතල වැඩි කිරීමට අවශ්‍ය නිසා රජය පළාත් සභා ඡන්දයෙන් දිනවන ලෙස ජනපති ඉල්ලීමක් ද කෙළේය.

