සතියක් දඹදිව ගමන්වලින් වැළකී සිටින ලෙස නවදිල්ලි නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් ප්‍රසාද් කාරියවසම් මහතා ඉල්ලා සිටී.
ඉන්දියාවේ බුද්ධගයාවේ මහාබෝධි ප්‍රධාන සිද්ධස්ථානයේ අද පෙරවරුවේ සිදුවූ බෝම්බ පිපිරීම්වලින් කිසිදු පූජනීය වස්තුවකට හෝ ශ්‍රී ලංකා වන්දනාකරුවනට හානියක් සිදුවී නැතැයි ද මහකොමසාරිස් කියයි.
මෙය ශ්‍රී ලංකාවේ බෞද්ධයන් ඉලක්ක කොට සිදු කරන ලද්දක් නොවන බව අවධාරණය කළ ශ්‍රී ලංකා මහකොමසාරිස් ප්‍රසාද් කාරියවසම් මහතා මේ සම්බන්ධව සොයා බලා අවශ්‍ය කටයුතු යොදන ලෙසට ජනපති දැන්වූ බවත් කියයි.
ඉන්දියා බිහාර් ප්‍රාන්ථයේ මහ ඇමැති නිතිස් කුමාර් මහතා සිද්ධිය සම්බන්ධයෙන් මූලිකත්වය ගෙන පරීක්ෂණ සිදු කරයි.

