‘දඬුවම මේ ආත්මෙදි නැත්නම් ඊළඟ ආත්මෙදි‘


පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නීත්‍යනුකූල නොවන ආයතනයක් බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයක් යටතේ එය අවලංගු කරන බවත් එහි මහ ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද විපක්ෂ නායක කාර්යාලයේදී කීවේය.

මෙවැනි නීත්‍යනුකූල නොවන ආයතනයක් මගින් හිටපු ඇමැතිවරුන්, දළඳා මාළිගාවේ දියවඩන නිලමේ ඇතුළු ප්‍රභූන් ගෙන්වා නිසි ක්‍රමවේදයකින් තොරව දඬුවම් ලබාදුන් හා චරිත ඝාතනය කළ අයට ඉදිරියේදී වන්දි ගෙවීමට සිදුවනු ඇති බවත් මහලේකම්වරයා කීවේය.

එය මෙම ආත්මයේ හෝ ලබන ආත්මයේ විය හැකි යැයිද හෙතෙම කීවේය.

web-1 web2