( ඩයනා උදයංගනී)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා සම්පූර්ණ කොටස වැඩ නිම කර සිංහල අලූත් අවුරුද්දට පෙර විවෘත කරන බව මාර්ග සහ මහාමාර්ග, වරාය හා නාවුක කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා අද (1) පැවසීය.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොටසක් පසුගිය රජය විසින් වැඩ අවසන් වීමට පෙර විවෘත කරනු ලැබුව ද එසේ කලින් විවෘත කිරීම හේතුවෙන් ප‍්‍රශ්න ගණනාවක් මතුව තිබෙන බව ද ඇමතිවරයා සදහන් කළේය.
ඔවුන් මධ්‍යම අධිවේගී මාර්ගය ආරම්භ කළත් එහි මුල් කොටස නොමැතිව මීරිගම සිට පොතුහැර දක්වා පමණක් වැඩ ආරම්භ කර ඇතැයි පැවසූ ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා එහි කටයුතු සිදු කෙරුණේ ඉතා සෙමින් බව ද කියා සිටියේය.
මහා මාර්ග අමාත්‍යංශයෙන් කළ යුතු ගෙවීම් රුපියල් කෝටි 2500 ක් පමණ තිබෙන බව කී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා මේ වන විට භාණ්ඩාගාරය සම්පූර්ණයෙන්ම හිර වී තිබෙන බව සැගවීමට අවශ්‍ය නැතැයි ද කීවේය.
ජනාධිපතිවරයා පසුගිය දිනෙක මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවට ගියාක් මෙන් වරායට ද පැමිණෙන්නේ නම් තමන් ඉතා සතුටු වන බව ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

