‘තෙල් නැව් දෙකක් ළඟ එනවා‘
නොවැම්බර් අට වැනිදා වන විට බොරතෙල් ටොන් 80 000ක් ද නොවැම්බර් 20 වැනිදා වන විට බොරතෙල් ටොන් 135000ක් ද ශ්‍රී ලංකාවට ලැබෙන බවත්, සපුගස්කන්ද පිරිපහදුව නොවැම්බර් 8-10 යළි වැඩ අරඹන බවත්, තෙල් හිඟයකට ඉඩ නැති බවත් ඛණිජ තෙල් සංවර්ධන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත් මහතා අද නුවරඑළියේදී පැවසීය.
‘තෙල් හිඟයකට කිසිම ඉඩක් නෑ. ගබඩාවල අවශ්‍ය තරං තෙල් තියනවා. සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසර 45ක් පැරණි. මේ දිනවල එය අලුත්වැඩියා කරනවා. ‘

