පසුගිය කාලයේ චෝදනා නැගුණු ආකාරයේ කිසිදු ආකාරයක ත්‍රස්ත සංවිධානයක් හෝ ඔවුන් පුහුණුව ලබන ත්‍රස්ත කඳවුරක් හෝ ශ්‍රී ලංකාවේ නැතැයි ආරක්ෂක අමාත්‍යංශ්‍ය අවධාරණය කරයි.
ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය පවසන්නේ විදේශයන්ගේ සිට පැමිණෙන ත්‍රස්ත කණ්ඩායම් ශ්‍රී ලංකාව පුහුණු කඳවුරක් ලෙස භාවිතා කරන්නේයැයි චෝදනා නැගුණද එවැනි කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා බළධාරීන් ඉඩක් දී නොමැති බවයි.
කුමන ස්වරූපයෙන් පැමිණියද ත්‍රස්තවාදය නම් ත්‍රස්තවාදයම යැයි හදුන්වන ඔහු කිසියම් ත්‍රස්ත සංවිධානයක් ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී වන්නට සැරසෙන්නේ නම් එල්.ටී.ටී.ය මර්දනය කළ ආකාරයට එම ත්‍රස්ත සංවිධානය මර්දනය කරන බව කියයි.
චෝදනා හැරෙන්නට ශ්‍රීලංකාවේ එවන් ත්‍රස්ත සංවිධානයක් ක්‍රියාත්මක වන බවට තොරතුරු ආරක්ෂක අංශ වෙත ලැබී නොමැති බවද ඔහු පවසයි.

