තමාත් තම කාර්යාලයත් අවමානයට ලක් කරමින් ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ නිලධරයන් වැරදි ප්‍රවෘත්ති ප්‍රචාරය කර හරිතියි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් නවි පිල්ලේ ශ්‍රී ලංකාවට චෝදනා කරයි.
එක්සත් ජාතීන්ගේ සාමාජික රටක් වෙනුවෙන් මෙවැනි ප්‍රකාශයක් කිරීම අස්වාභාවික බවත්, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා රජයේ නිලධරයන් විවේචනය කරමින් ඇගේ ප්‍රකාශය නිකුත් කර ඇත.
ඇගේ ශ්‍රී ලංකා ගමන ගැන රජයේ උසස් නිලධරයන් කළැයි කියන ප්‍රකාශ ගැන එම නිවේදනයේ දැක්වේ.
ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රමාත්‍ය ඩීඑස් සේනානායක මහතා ගැන වචනයක්වක් කතා නොකැර තිබියදී නිදහස් චතුරස්‍රයේ පිහිටි ඔහුගේ එම පිළිරුව එතැනින් ඉවත් කරන ලෙස තමා මහින්ද රාජපක්ෂ ජනපතිට කළැයි කියන ප්‍රකාශය ඇය තරයේම ප්‍රතික්ෂේප කරන්නීය.
‘එම කතාවේ අංශු මාත්‍රයක ඇත්තැක් නැහැයි‘ ඇය කියන්නීය.
නිදහස් චතුරස්‍රයේ ඇති බෞද්ධ කොඩිය බවත් කරන ලෙස කළැයි කියන ප්‍රකශය ද එවැනි එකකි.
ශ්‍රී ලංකාවේ නොයෙක් ජාතීන් අතර උණුසුම් හා අවේගශීලී තත්ත්වයක් පවතිද්දී ජාතික කොඩිය සමග එක් ආගමක කොඩියක් පමණක් එහි ඇත්තේ ඇයිදැයි ඇය ජනපතිට කී බවත් ජාතික කොඩිය පමණක් එහි ඔසවා තැබීම ගැන ඇය යෝජනා කළ නමුත් කිසිම කොඩියක් ඉවත් කරන ලෙස ජනපතිට නොකී බවත් පිල්ලේ වෙනුවෙන් මෙම නිවේදනය නිකුත් කරන ඇගේ ප්‍රකාශක රූපඩ් කොල්වින් ස්විට්සර්ලන්යේ ජිනීවා නුවරදී පුවත්පත් සාකච්ඡාවකදී පැවසීය.

