(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ලංකාවේ සහ විදෙස් රටවල්හි රැකියා සහ අධ්‍යාපනය ලබා දීම සඳහා අවශ්‍ය සියලු සහතික පත් ව්‍යාජ ලෙස සැකසු බොරැල්ල වොඩ් පෙදෙසේ ටයිපින් වත්ත ප්‍රදේශයේ නිවසක් වටලා ව්‍යාජ සහතික, ස්කෑනර්, පරිගණක ඇතුළු උපකරණ තොගයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
විදෙස් අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍යපෙළ විභාගයේ සිට උපාධීයලබා ගත් බව දැක්වෙන සහතික ද ,නිල මුද්‍රා, ජාත්‍යන්තර රියදුරු බලපත් නිකුත් කිරීම සඳහා රටවල් පහක නම් අඩංගු තනතුරු ඇතුලුක් නිල මුද්‍රා පොලිස් බාරයට ගෙන තිබේ.
ඕනෑම පෞද්ගලික හා රාජ්‍ය අයතනයක නිකුත් කරනු ලබන සහතික ව්‍යෘජ ලෙස සකකස් කර මුදලට අලෙවි කිරීම මොහු වසර ගණනාවක සිට සිදු කර ගෙන ගොස් ඇතැයි පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.