(බිඟුන් මේනක ගමගේ)
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ මුදල් අයකරන්නේ පශ්චාත් මරණ පරීක්ෂණවලට මිස මරණ පරීක්ෂණවලට නොවන්නේ යැයි ද එවැනි මුදලක් අයකිරීමට සිදුව තිබෙන්නේ සිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියකු නොමැති නිසා යැයි ද එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත මහතා ලංකාදීපයට කීය.
නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා මේ බව කීවේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී කරනු ලබන මරණ පරීක්ෂණවලට මුදල් අයකිරීමට එම රෝහල් කළමනාකරණ මණ්ඩලය තීරණය කළේ කවර පදනමකින්දැයි අසමින් සමස්ත ලංකා වෛද්‍ය නිලධාරින්ගේ සංගමය එම රෝහලේ සභාපති වෛද්‍ය අතුල කහඳලියනගේ මහතාට යොමු කළ ලිපිය ගැන විමසීමේදීය.
පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා කළුබෝවිල රෝහලින් පැමිණෙන වෛද්‍යවරයාට එම මුදල සේවා ගාස්තුවක් ලෙස ගෙවන්නේ යැයි ද ඒ මහතා කීය.
රෝහල් මණ්ඩලයට මෙම මුදල අය නොකොට අවශ්‍ය නම් පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකරන්නැයි නියම කෙරෙන මෘත ශරීර කළුබෝවිල රෝහලට රැගෙන යන්නැයි නියම කළ හැකි නමුත් එවැනි තීන්දුවකින් සිදුවන්නේ එම මරණවල නෑසියන් දැඩි අපහසුතාවයට පත්වීම යැයි නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා අවධාරණය කළේය.
අධිකරණ අමාත්‍යංශය අධිකරණ වෛද්‍ය නිලධාරින්ට පශ්චාත් මරණ පරීක්ෂණයකට රුපියල් හයසීයක් වැනි මුදලක් ගෙවන්නේ යැයි ද සෞඛ්‍ය අමාත්‍යංශයට අවශ්‍ය නම් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට අධිකරණ වෛද්‍ය නිලධාරියකු ලබාදීමට හැකි යැයි ද වෛද්‍ය වේරවත්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේය.