ජාතික ආරක්ෂාවට ඇති අභියෝග සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය අවධානයෙන් සිටිය යුතු බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසයි.
රටක් ලෙස ගැටළු වලින් තොරව ඉදිරියට යෑමට නම් ජාතික ආරක්ෂාව ගැන දැඩි අවධානයක් යොමු කළ යුතු බව ඒ මහතා කීවේය.
මෙවර සිංහල සහ දෙමළ අවුරුද්ද නිදහසෙන් සහ සාමකාමීව භුක්ති විඳීම සඳහා රටේ ජනතාවට අවස්ථාව සැලසු රණවිරුවන් සිදුකළ ඉමහත් කැපකිරීම් නිසා බව ඒ මහතා සඳහන් කළේය. තමන් හැමවිටම රණවිරුවන් සිදුකළ කැපකිරීම් නිරන්තරයෙන්ම අගය කරන බව පැවසූ ඒ මහතා ත්‍රස්තවාදය නිමා කිරීම සඳහා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරමින් ආබාධිත තත්වයට පත්වූ රණවිරුවන් සම්බන්ධයෙන් වර්තමාන රජය වැඩි අවධානයක් යොමුකර ඇති බවද පැවසීය. ආරක්ෂක අමාත්‍යවරයා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ අවුරුදු උත්සවයක් අමතමින් එසේ කීවේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු වර්තමාන රජයේ ජනතා හිතවාදී වැඩපිළිවෙල හේතුවෙන් නිදහස් හා සාමකාමී වාතාවරණයක් උතුරු හා නැගෙනහිර ප්‍රදේශ ඇතුළුව සෑම ප්‍රදේශයකම දක්නට ලැබෙන බව පැවසූ අමාත්‍යවරයා, පවතින නිදහස් හා සාමකාමී වාතාවරණය අවුල් කිරීමට කිසිම කණ්ඩායමකට හෝ පුද්ගලයෙකුට ඉඩ නැතැයි පැවසීය. ජනතා අපේක්ෂාවන් තව දුරටත් සාර්ථකව ඉටුකිරීම වත්මන් රජයේ අභිලාෂය බව පැවසූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා නව අවුරුදු උදාවත් සමඟ රටේ සියලු ප්‍රදේශවල ජනතාව බේදයෙන් හා පීඩාවකින් තොරව සතුටෙන් යුතුව සැමරීම මෙවර අලුත් අවුරුදු සමයේ දක්නට ලැබුණු සුවිශේෂ කරුණක් බව පෙන්වා දුන්නේය.
පවතින සාමකාමී තත්වය දිගු කාලීනව පවත්වා ගෙන යෑමට ආරක්ෂක අමාත්‍ය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන්ම ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස තමාගේද උපරිම දායකත්වය ලබා දෙන බව ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් අමතමින් අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.





