මොන තරම් කැප කිරීම් කළත් කිසිම ජනාධිපතිවරයකුගෙන් තමාට සාධාරණයක් ඉටු නොවු බවත් තමා කඩේ යන්නේ පක්ෂය රැක ගැනීමට විනා පුද්ගලයින් හෝ නිලතල රැක ගැනීමට නොවන බවත් විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා බදුල්ලේදී අද (08) පැවසීය.
‘මෛත්‍රීපාල ජනපති එක්සත් ජාතික පක්ෂයට තල්ලු නොකර රැක ගැනීම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂකයින්ගේ යුතු කමයි. සතුරාගේ උපක්‍රමවලට හසු නොවී, ආවේගශිලී නොවී, කල්පනාකාරීව දේශපාලන ගමන යා යුතුයි.
ශ්‍රිලනිප උපදේශක සභාවේ චන්ද්‍රිකා මැතිණිය හා මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉන්නවා.මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අපේ සභාපති. සරත් ෆොන්සේකා ජවිපෙ හා එජාපය වෙන් වෙන් වශයෙන් මහ ඡන්දය ඉල්ලන නිසා අපේ ජය ස්ථිරයි.
නව ජනපතිගේ දින සීයයයේ වැඩට සහාය දෙන්නේ විවේචන ද සමඟ බව ඔහු කීවේය.
හරීන් ප්‍රනාන්දු ඌව මහ ඇමැති කිරීම නීතී විරෝධියි ඔහුට සහාය දුන් ශ්‍රීලනිප මන්ත්‍රීවරුනට එරෙහිව විනයානුකූලව ක්‍රියා කරනවා .‘

