‘ඞී. එස්. අයි. සුපර්ස්පෝට්ස්’ පාසල් වොලිබෝල් අවසන් තරග අද - හෙට


ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය හා අධ්‍යාපන අමාත්‍යංශය එක්ව වාර්ෂිකව සංවිධානය කරන ‘ඞී. එස්. අයි. සුපර්ස්පෝට්ස්’ පාසල් වොලිබෝල් ශුරතාවලියේදී මාදම්පේ සේනානායක විද්‍යාලය වයස් කාණ්ඩ තුනක අවසන් තරගවලට සුදුසුකම් ලබා සිටියි. වයස් කාණ්ඩ අටකින් (බාලක/බාලිකා) සමන්විත තරගාවලියේ අවසන් මහා තරග අද සහ හෙට (27-28) නාවලපිටිය ජයතිලක ක‍්‍රීඩා සංකීරණයේදී පැවැත්වේ. එහිදී අනුරාධපුරය පුවරසන්කුලම මහා විද්‍යාලය සහ තොඩුවාව ශාන්ත අන්තෝනි මහා විද්‍යාලය ද වයස් කාණ්ඩ දෙකක අවසන් තරගවලට සුදුසුකම් ලබා සිටීම කැපී පෙනේ. ඞී. සැම්සන් සහ පුත‍්‍ර සමාගමේ (ඞී. එස්. අයි.) අනුග‍්‍රහයෙන් 14 වැනි වරටත් සංවිධානය කරන මෙවර තරගාවලියට වයස් කාණ්ඩ හතර සඳහා පාසල් කණ්ඩායම් 5500 ක වාර්තාගත කණ්ඩායම් සංඛ්‍යාවක් සහභාගිවීම කැපී පෙණින. දිස්ත‍්‍රික්, පළාත් සහ ජාතික ලෙස අදියර තුනකින් තරගාවලිය පැවැත්විණ. 12 න් පහළ, වයස 14 න් පහළ, 16 න් පහළ සහ 18 න් පහළ (බාලක/බාලිකා) තරගාවලියට ඇතුළත් වයස් කාණ්ඩ වේ. අවසන් තරග සඳහා සුදුසුකම් ලබා ඇති පාසල් කණ්ඩායම්: ● 12 න් පහළ (බාලක) හුංගම විජයබා ජාතික පාසල සහ ගලපිටමඩ වලගම්මා මහා විද්‍යාලය අතර ● 12 න් පහළ (බාලිකා) අනුරාධපුරය පුවරසන්කුලම මහා විද්‍යාලය සහ රක්වාන රත්නාලෝක මහා විද්‍යාලය අතර ● 14 න් පහළ (බාලක) සීදුව දවිසමර මහා විද්‍යාලය සහ මාදම්පේ සේනානායක මධ්‍ය මහා විද්‍යාලය අතර ● 14 න් පහළ (බාලිකා) අනුරාධපුරය පුවරසන්කුලම මහා විද්‍යාලය සහ ගලිගමුව කොබ්බෑකඩුව කීර්තිරත්න මහා විද්‍යාලය අතර ● 16 න් පහළ (බාලක) වෙන්නප්පුව ජෝශප් වාස් විද්‍යාලය සහ මාදම්පේ සේනානායක මධ්‍ය මහා විද්‍යාලය අතර ● 16 න් පහළ (බාලිකා) ඇහැලියගොඩ ධර්මපාල මහා විද්‍යාලය සහ තොඩුවාව ශා. අන්තෝනි මහා විද්‍යාලය අතර ● 18 න් පහළ (බාලක) නාත්තන්ඩිය ධම්මිස්සර මධ්‍ය මහා විද්‍යාලය සහ මාදම්පේ සේනානායක මධ්‍ය මහා විද්‍යාලය අතර ● 18 න් පහළ (බාලිකා) තොඩුවාව ශා.අන්තෝනි මහා විද්‍යාලය සහ ආණමඩුව මධ්‍ය මහා විද්‍යාලය අතර ‘ඞී. එස්. අයි. සුපර්ස්පෝට්ස්’ පාසල් වොලිබෝල් මුලික වටයේ තරග අවස්ථාවක් ...