‘ගෝටාගේ නම විකුණා කප්පම් කාලා‘
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිලධරයන් බව කියමින් රුපියල් කෝටියක් ඉල්ලා රුපියල් හැට ලක්ෂයක කප්පම් කෑ බව කියන පොලිස් සැරයන් වරයකු හා තවත් පුද්ගලයකු දැඩි ඇප කොන්දේසි මත මුදාහරින ලෙස කෙළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නියෝග කෙළේය.
රුපියල් හාර ලක්ෂය බැගින් මුදල් ඇප ද රුපියල් විසි ලක්ෂය බැගින් ශරීර ඇප කරුවන් සිවුදෙනකු ද ඉදිරිපත් කරන ලෙස පොලිස් සැරයන් චින්තක හේමචන්ද්‍ර හා මොහොමඩ් සකීර් හුසෙන්ට නියම විය. මදුරන්කුලියේ මොහොමඩ් රොෂාන්ගේ පැමිණිල්ල වූයේ මෙහොමඩ් රිස්මි නම් තම සොහොරා අත්අඩංගුවට ගත් එම පිරිස කප්පම් ගත් බවයි.

