‘ගුරු මාරු පස්සා දොර වසනු‘


ජාතික ගුරු මාරු ප්‍රතිපත්තිය නමින් 2007/10 යටතේ අධ්‍යාපන අමාතයංශය චක්‍රලේඛයක් නිකුත් කර ඇතත්, ඊට පරිබාහිරව ගුරුමාරු සිදු වන බව ලංකා ගුරු සංගමය චෝදනා කරයි. ජාතික පාසල් 335ක් සඳහා ගුරු සංගම් නියෝජිතයන්ගෙන් සැදුම්ලත් ජාතික පාසල් ගුරු මාරු මණ්ඩල ස්ථාපතිව තිබියදී මාරු මණ්ඩල නොකැඳවා ස්ථාන මාරුවීම් දී ඇති බව වාර්තා වන බවත්, මේ වන විට ස්ථාන මාරු ඉල්ලුම්පත් ඉදිරිපත් කළ ගුරුවරුන් විශාල පිරිසක් මාරු මණ්ඩල නොකැඳැවීම නිසා අපහසුතාවට පත්ව ඇති බවත්, මාරුමණ්ඩල වලින් තොර ස්ථාන මාරු කිරීම් වහා නවතා විධිමත් ලෙස ස්ථාන මාරු කරන ලෙසත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් සාටාලින් මහතා කියයි.