‘ගුරු පත්වීමට පක්ෂ පාට නෑ‘


2012 - 2014 අධ්‍යයන වර්ෂවල ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ දෙවසරක පුහුණුව හා වසරක සීමාවාසික පුහුණුව කළ ඩිප්ලෝමාධාරීහු 2913 දෙනෙක් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අතින් අද (7) පත්වීම් ලදහ.

ඩිප්ලෝමාධාරින් පුරප්පාඩු පවතින ජාතික පාසල් 748 කට මෙන්ම පළාත් සභා පාසල් 2165 කට ස්ථානගත කරන බවත් ගුරු පත්වීම්, විදුහල්පති පත්වීම් දේශපාලනයට ලක් නොකරන බවත් අධ්‍යාපන අමාත්‍යවරයා එහිදී කීවේය.

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී.රාධක්‍රිෂ්ණන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්වූහ.

DSC_0256 DSC_0259 DSC_0263 DSC_0289 DSC_0310

 

ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක