‘ගමේ පාර හදන්න එපා‘
හඟුරංකෙත අධිකාරීගම මේරි මවුන්ට්, අඹේවෙල හා බල ගොල්ලෑවේ පාර අලුත් වැඩියා නොකරන ලෙස ගමෙන් භාගයක් පමණ දෙනා උද්ඝෝෂණයක් කළහ.
දැඩි ලෙස සෝදා පළු වී ඇති මේ මාර්ගය පිළිසකර කිරීමට මග නැගුම යටතේ රුපියල් විසි ලක්ෂයක් වෙන් කළ බව මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ජයරත්න දිසානායක මහතා කියයි.
ලංකාවේ පාරක් අලුත්වැඩියා නොකරන ලෙස මෙවැනි ඉල්ලීමක් මීට පෙර කර නැතැයි කියන දිසානායක මහතා එපා කියන පාර හැදුවොත් කඩා දැමිය හැකි නිසා පාර නොහදන බවත් පවසයි. පාර හැදීමට ගමේ කොටසක් විරුද්ධ වනුයේ කසිප්පු පෙරන්නන් විය හැකි යැයි ද, පොලීසිය ලේසියෙන් ගමට පනිතියි ඔවුන් බිය වී ඇති බව පෙනේ යැයි ද දිසානායක මහතා කියයි.

