‘ගම්මන්පිල බොදුබලෙන් උදව් පතයි‘


ජාතික හෙළ උරුමයේ ප්‍රාදේශීය සභා හා නගර සභා මන්ත්‍රීවරුන් 29 දෙනාගෙන් 17 දෙනකු ම ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට එකතු වූ බව හෙළ උරුමයෙන් ඉවත්වී සන්ධානය හා එක්වූ උදය ගම්මන්පිල මහතා අද මාධ්‍ය සාකච්ඡාවක දී කීවේය.

හැකි ඉක්මනින් අලුත් දේශපාලන පක්ෂයක් සකසන බවත්, බොදුබල සේනාව හා සිහල රාවය වැනි බෞද්ධ සංවිධානවල සහායද ගැනීමට බලාපොරොත්තු වන බවත් ඔහු පැවසීය.

ජනපතිට සහාය දැක්වීමට පැමිණි ප්‍රාදේශීය සභා හා නගර සභා මන්ත්‍රීවරු ඇඹිලිපිටිය, බලංගොඩ, පාතහේවාහැට, දඹුල්ල, මහර, මහරගම, සීතාවක, බේරුවල, බියගම, ගම්පහ, වත්තල, හාරිස්පත්තුව, පානදුර, උඩුදුම්බර, කරුවලගස්වැව, පදියතලාව හා කහටගස් දිගිලිය පළාත් පාලන ආයතන නියෝජනය කරති.

RDS_4550 RDS_4591