(නිමල කොඩිතුවක්කු)
තාමත් ගමට යන්න බෑ කියන ආසන සංවිධායකවරුන්, මන්ත‍්‍රීවරුන් සිටීනම් ඔවුන් ඉවත්ව යන අයට අවස්ථාව ලබාදිය යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේදි අද(16) පැවැසීය.
ඉදිරි මැතිවරණ ජයග‍්‍රහණය කිරීම වෙනුවෙන් සියලු පිරිස් ගමේ පන්සලට පල්ලියට ගොස් මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයින්ගේ අවවාද අනුශාසනා මත කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවත් වික‍්‍රමසිංහ මහතා සඳහන් කළේය.
කුරුණෑගල දිස්ති‍්‍රක් පළාත් පාලන නියෝජිතයන් සමග සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති හමුවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
වැරදි අඩුපාඩු නිවැරදි කරගනිමින් තනි තනිව හෝ කණ්ඩායම් ලෙස කටයුතු නොකර පක්ෂයක් ලෙස ශක්තිමත්ව මුහුණදීමෙන් ඉදිරි මැතිවරණ ජයග‍්‍රහණය කිරීමට හැකියාව ඇති බවත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවැසීය.

