‘කොළඹ මහ නගර සබේ එක තිර රෙද්දක්වත් වෙනස් කරලා නැහැ’


 

(ඡායාරූප සහ වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා )


 
‘‘කවුරු මොන අසත්‍ය ප්‍රචාර ගෙනගියත් මම කිසි විටකවත් කිසි දිනකවත් කොළඹ මහ නගර සභාවේ කිසිම බුදු පිළිම වහන්සේ කෙනෙකු තියා එක තිර රෙද්දක් වත් වෙනස් කරලා නැහැ.‘‘ යැයි කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පැවසුවාය.

 
 
කොළඹ මහ නගර සභාව මගින් නව ඩිජිටල් තාක්ෂණය යටතේ ගොඩනැගිලි ඉදිකිරීම් ඉල්ලුම් පත්‍රයක් හඳුන්වාදීමේ නිල උත්සවයට සහභාගී වෙමින් ඇය මේ බව පැවසුවාය.

 
 
තව දුරටත් අදහස් දක්වමින් රෝසි සේනානායක මහත්මිය මෙසේ ද කියා සිටියාය.

 
 
‘‘මගේ කාර්යාලයට පිවිසෙන ස්ථානයේ පෙර තිබූ පරිදිම ඒ තියන  බුදු පිළිම වහන්සේ එහෙමම තියෙනවා. මට පෙර හිටපු නගරාධිපතිවරුන්ට ලැබිච්ච සිහිවටන සම්මාන පවා ඒ කැබිනෙට්ටුවල තාම එහෙමම තියෙනවා. මම තිර රෙද්දක් දොර රෙද්දක් වත් කිසිම වෙනසක් කරලා නෑ.

 

මම ගොඩක් කණගාටු වෙනවා මේ විදියට අපිට අවලාද නගන අය ගැන. මම මාධ්‍යයෙනුත් ඉල්ලා සිටිනවා යම් තොරතුරක් ලැබුණාම ඒ ගැන ඒ පාර්ශවයන්ගෙන්  අහලා ඒවාද සත්‍යද අසත්‍යද කියල දැනගන්න කියලා.