‘කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සංචාරක ක්ෂේත්‍රය දැනුම්වත් කළා ‘


( තිළිණි ද සිල්වා )
කොරෝනා වසංගතය පිළිබද මෙරට සංචාරක ක්ෂේත්‍රයේ සියලුම පාර්ශව දැනුම්වත් කිරීමට පියවර ගත් බවත් , සෞඛ්‍ය අමාත්‍යංශය සමඟ එක්ව මේ සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් සිටින්නේ සංචාරක  හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (29) පැවසීය.

 
ඒ අනුව හෝටල් හා  ලැගුම්හල් හිමියන් හා සේවකයන්, සංචාරක මග පෙන්වන්නන්  සංචාරක කුලී රථ රියදුරන්, සංචාරක ත්‍රී රෝද රථ රියදුරන්වද දැනුවත්  කරන බවද අමාත්‍යවරයා කියා සිටි.
 
මේ අතර කොරෝනා අසාදිත චීන කාන්තාව රැදී සිටින බව කියන හෝටල්,  ඇය ගැවසුණු ස්ථාන,  ඇය ඇතුළු කණ්ඩායමට මග පෙන්වු අය පිළිබද සියලු තොරතුරු මේ වන විට සංචාරක හා ගුවන් සේවා අමාත්‍යංශය මගින් සෞඛ්‍ය අමාත්‍යංශයට දැනුම් දී තිබේ. 
 
 සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදංචි වී ඇති හෝටල් සංඛ්‍යාව 2000කට ආසන්න වුවද එම අධිකාරියේ ලියාපදිංචි නොවු හෝටල් හා සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ ලැගුම්හල් හා වෙනත් ආයතන 2000 ක් පමණ රටපුරා ව්‍යාප්ත වී තිබෙන බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් කීය එසේම සංචාරක ක්ෂේත්‍ර ලක්ෂයකට අධික පිරිසක් සෘජු හා වක්‍ර රැකියා වල නිරතව සිටින්නේ යැයිද අමාත්‍යවරයා පෙන්වා දේ.
 
මේ අතර කටුනායක ගුවන් තොටුපළට පැමිණෙන ගුවන් මගීන් නව කොරෝනා පරික්ෂාවට ලක් කිරීම සදහා සෞඛ්‍ය අංශ වෙත අවශ්‍ය සියලුම පහසුකම් ලබා දෙන ලෙස ද ඇමති ප්‍රසන්න රණතුංග මහතාජ ගුවන්තොටුපොළ බලධාරීන්ට  අද  (29) උපදෙස් දෙන ලදී.