(විනීතා ගමගේ)
කොරියාවේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙක් මේ වසරේ ගතවූ මාස අට තුළ සිදුවූ කාර්මික අනතුරුවලින් මිය ගොස් ඇතැයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අනුව කාර්මික අනතුරුවල වැඩිවිමක් ඇතැයි පෙනී යන බව ද එම තානාපති කාර්යාලය අවධාරණය කර ඇත.

