(ඉන්දිකා රාමනායක)
ඩුබායි රටේ සැගව සිටින කෙසෙල්වත්ත දිනුක නැමැති පාතාල සාමාජියකයාගේ මව හොරොයින් සමඟ අත්අඩංගුවට ගත බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
විශේෂ කාර්ය බලකායේ බට කණ්ඩායමක් පස්වරුවේ කොළඹ 12 මොහන්දිරම් පටුමගේ සිදුකළ හදිසි වැටලීමකදී මෙම කාන්තාව හොරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබුණි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකාරි සතුව හොරොයින් ග‍්‍රෑම් දෙකකට ආසන්න ප‍්‍රමාණයක් තිබී ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරිය ‘‘චුටි අම්මා’’ නැමින් හදුන්වන 53 හැවිරිදි කාන්තාවක් බවත් ඇය වැඩිදුර පරීක්ෂණ සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට බාර දී ඇත.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

