(ඩයනා උදයංගනී)
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගෙන ඇති තීරණවලට තම පාර්ශ්වය ද එකඟ බව එම පක්‍ෂ කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසීය.
තම පාර්ශවයට අවශ්‍ය වූයේ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සන්ධානයකින් මහ මැතිවරණයට තරඟ කිරීම බව කී මන්ත්‍රීවරයා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ද එම තීරණය ලැබී ඇතැයි සඳහන් කළේය.
පක්‍ෂ නායකත්වය ද සජිත් ප්‍රේමදාස මහතාට ලබාගැනීමට තම පාර්ශවය උත්සාහ කළ නමුත් රනිල් වික‍්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත් නොවන්නේ නම් එය ලබාගත හැකි ක‍්‍රමයක් පක්‍ෂ ව්‍යවස්ථාවෙහි නොමැති බව ද හෙතෙම කීවේය.
නලීන් බණ්ඩාර මහතා මේ බව පැවසුවේ කොළඹ, ශ්‍රීමත් මාකස් ප‍්‍රනාන්දු මාවතේ පිහිටි විපක්‍ෂනායක කාර්යාලයේ දී අද (31) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

