( තිළිණි ද සිල්වා)
ලංකාව ඇතුළු රටවල් 10ක සිට කුවේට් රාජ්‍යයට පැමිණෙන සංචාරකයින් විසින් නව කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු කෙරෙන වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කිරීම අනිවාර්යය බව එරට රජය නිවේදනය කර ඇත.
ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, බංග්ලාදේශය, පිලිපීනය, ඊජීප්තුව, සිරියාව, ලෙබනනය, තුර්කිය, අසර්බයිජාන් සහ ජෝර්ජියාව යන රටවලට බලපැවැත්වෙන පරිදි පනවා ඇති මෙම නියෝගය ලබන 8 වැනිදා සිට ක්‍රියාත්මක වන බව කුවේට් සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කර ඇතැයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
ඒ අනුව කුවේට් රාජ්‍යය බලා පිටත්ව යාමට අපේක්ෂාවෙන් පසුවන්නන් ඒ ඒ රටවල පිහිටි කුවේට් තානාපති කාර්යාලවල අනුමැතිය ලත් වෛද්‍ය මධ්‍යස්ථානයකින් කොරෝනා ආසාදිතයකු නොවන බවට තහවුරු කෙරෙන වෛද්‍ය සහතිකයක් ලබාගත යුතුව ඇත.
එම සහතිකය නොමැතිව එරටට පැමිණෙන්නන් ගුවන් යානයෙන්ම යළි පිටුවහල් කිරීමට පියවර ගන්නා අතර මෙම නියමය උල්ලංඝනය කරන ගුවන් සමාගම්වටල ද දඩ පැනවීමට පියවර ගන්නා බව කුවේට් සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කර ඇතැයි ද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.
කුවේට් රාජ්‍යයෙන් මේ වන විටත් නව කොරෝනා වෛරස ආසාදිතයින් 56 දෙනෙකු හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

