‘කුලී වැඩ කර මවත් මල්ලිත් රකියි’


ගලෙන්බිඳුණුවැව නාමල්පුරයේ දිරිය ගැහැණියක් නොවිඳිනා දුක් විඳිමින් ඇවිදින්නට බැරි සිය මවත් (කේ. පුෂ්පි 70) ඇස් නොපෙනන මල්ලිත්  ඩබ්ලිව්. රණසිංහ (47) රැක බලාගනියි. ඩබ්ලිව්.ජී. කුසුමාවතී (52) මේ කාන්තාව කුලී වැඩ කර මේ දෙදෙනා රැක බලා ගන්නීය. මේ දෙදෙනා බලා ගැනීම සඳහා ඇය සිය සැමියාගේද කැමැත්ත පරිදි වෙන් වූවාය. හිඟාකාල හරි මං මේ දෙන්නා බලා ගන්නවා’’ යැයි ඇය කියන්නීය.