(විනීතා එම්. ගමගේ)
කළුතර විනාශයට හේතු වු කුකුලේගඟ දොරටු ඇරීම පිළිබඳ පුර්ව නිවේදන කිසිවක් සිදු වී නැතැයි උපාය මාර්ගික සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ ක්‍රිස් ධර්මකීර්ති මහතා චෝදනා කරයි.
කුකුලේගඟ ව්‍යාපාරයේ වේල්ලට හානි වීමට පෙර එහි දොරටු හැරි බව එහි ඉංජිනේරුවරයා පවසා ඇතත් ඒ පිළිබඳ කිසිදු අංශයකින් ජනතාව දැනුම්වත් නොකළ බව ද ධර්මකීර්ති මහතා කියයි.
විශේෂයෙන් තාමත් පහසුවෙන් ජංගම දුරකතනවලින් කෙටි පණිවුඩ එවිය හැකිව තිබිය දී ආපදා කළමනාකරණ අංශ තම වගකීම් ඉටු කර නැතැයි ද හෙතෙම චෝදනා කළේය.
ධර්මකීර්ති මහතා මෙම අදහස් පළ කළේ අද(1) පෙරවරුවේ ජාතික පුස්තකාලයේ පැවැති ශ්‍රී ලංකා ජාතික මහ සභාවේ මාධ්‍ය හමුවකදීය.

