‘කිසිම ආණ්ඩුවක් ඉක්මන් ප්‍රතිඵල පෙන්වා නෑ‘ - ජනපති


(ප්‍රසාද් රුක්මල්)

‘‘මේ රටේ අලුතින් බිහිවුණු කිසිම ආණ්ඩුවක් දවසින් දෙකෙන් පැය විසි හතරෙන් මාසෙන් දෙකෙන් ප්‍රතිඵල පෙන්වා නැහැ. ආණ්ඩුවක ප්‍රතිඵල පෙන්වන්න යම්කිසි කාල සීමාවක් ගතවෙනවා‘‘යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද(27) බදුල්ලේ දී පැවසීය.

‘‘ආණ්ඩුවක් වශයෙන් කරන සංවර්ධන කාර්යයන් සාර්ථක ලෙස අප ඉදිරියට ගෙන යනවා. අපට අන්තර්ජාතික හොඳ හිත තිබෙනවා. ජාත්‍යන්තර විශ්වාසය අප කෙරෙහි තිබෙනවා. රටේ දේශපාලන ස්ථාවරයක් තිබෙනවා. රටේ ස්ථිර සාමයක් පවත්වාගෙන යාම සඳහා ජාතික සංහිඳියාව අවශ්‍යයි. ඒ සඳහා සියලු දෙනා සමගියෙන් එක්වී කටයුතු කළ යුතුයි.‘‘ යැයි ද ජනපති කීය.

බදුල්ල නගරයේ ඉදිකළ නව විදුලි සංඥා පද්ධතිය විවෘත කිරීම හා උපාධිධාරීන් 320ක රැකියා ප්‍රදානයට එක්වෙමින් ජනපති එසේ කීවේය.