‘කමිටුවට අවිශ්වාසයේ ලේබලය අලවලා‘
ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය විභාග කර ඇය වැරදි කාරිය බවට තීන්දු කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාමාජිකයන් හත් දෙනා ස්වාධීන අය නොවේයැයි මහින්ද රාජපක්ෂ ජනපති ප්‍රකාශ කිරීම ගැන කමිටු සාමාජිකයන් කියන්නේ කිමෙක්දැයි ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මහතා ප්‍රශ්න කරයි.
‘ඔවුනට ජනපති විසින් අලවා තිබෙන ලේබලය ගැන ඔවුන් දැන් කුමක් කියන්නේද? ඔවුන් පාවාදීමකට ලක්වී තිබේ. අපට ඔවුන් ගැන කණගාටුයි. ඔවුන් දිවා රෑ නොබලා කඩේ ගියා.
දෝෂාභියෝගය යළි විමසීමට ස්වාධීන කමිටුවක් පත් කිරීමට යාම දෝෂාභියෝග නාඩගමේ තවත් දිගුවක් පමණයි. ‘

