‘කඳුළු ගෑස්වලට බය නෑ‘
කඳුළු ගෑස් නොව මල්ටි බැරල් ගැහුවත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අධ්‍යාපනයේ නිදහස උදෙසා කරන සටන රජයට නතර කළ නොහැකි යැයි එහි කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා කියයි.
රජය ප්‍රශ්න විසඳීම සම්බන්ධයෙන් අනුගමනය කරන දෙබිඩි පිළිවෙත හමුවේ සාකච්ඡාවලට යෑම ප්‍රතිපලදායක නැතැයි ද විසදුම් සදහා සටන හැර අන් මගක් නැතැයිද ඔහු කියයි.
සරසවි ඇදුරු අර්බුදය විසදීම සදහා යැයි කියමින් රජය මේ වනවිට ප්‍රෝඩාකාරී යෝජනාවලියක් ඉදිරිපත් කර ඇතැයි චෝදනා කරන හෙතෙම විශ්වවිද්‍යාල ආචාර්යනවරුන‍් ඊට නොරැවටෙතියිද සඳහවන් කරයි.

