‘කඩුගන්නාව - බලන අතර දුම්රිය මගේ දැනට අවදානමක් නෑ‘


(චමිල් රුපසිංහ)

කඩුගන්නාව හා බලන දුම්රිය ස්ථාන අතර ඉනිමග රවුම සිංහ කට බිං ගෙයට ඉහළින් ඇති ගල් පර්වතයෙන් දැනට අවදානම් තත්වයක් ඇති නොවුනත් ඊට පිළියම් නොකළහොත් ඉදිරියේදි නායාමේ අවදානමක් ඇතිවිය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරින්ට ප්‍රදේශවාසීහු පෙන්වා දුන්හ.

අද (21) ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ භු විද්‍යඥයෙක් ඇතුළු නිලධාරීන් පිරිසක් එහි ගොස් විමර්ශන සිදුකරමින් සිටින අවස්ථාවේදී ඔවුහු මේ බව කීහ.

මේ සම්බන්දව අදහස් දැක්වු ඡාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නාය යැම් සහ අවධානම් කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ආර්.එම්.එස් බණ්ඩාර මහතා පැවැසුයේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් පිරිසක් අද කඩුගන්නාව හා බලන දුම්රිය ස්ථාන අතර ඉනිමග රවුම සිංහකට බින්ගෙයට ඉහලින් ඇති ගල් පර්වතය අවදානම් සහිත ස්ථාන නිරීක්ෂනය කළ බවත් එම ස්ථානයේ දැනට ලොකු අවදානම් තත්වයක් නැති බවත්ය.

නමුත් මෙය කදු මුදුනක් ඉහලින් පිහිටා ඇති ගල් ඇන්දක් බැවින් භු විද්‍යාත්මක ජල විද්‍යාත්මක දත්තයන් හා මිනිසුන් ඉඩම් පරිහරණය කරන රටාව අනුව යම් කිසි වෙනස්වීම් වලට භාජනය විමේ හැකියාව ඇති බව බණ්ඩාර මහතා පැවැසිය.

කෙසේ වෙතත් දිගින් දිගටම මේ සම්බන්දව අවධානයෙන් සිටින බවත් මෙම ස්ථානය නිරීක්ෂණය කිරීම වරින් වර සිදුකළ යුතු අතර ඡාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මේ පිලිබදව ඉදිරියේදී අවශ්‍ය කටයුතු සිදුකරනු ලබන බවද වැඩි දුරටත් පැවැසීය.