‘කඩිනම් තීරණ හරි නෑ‘


අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝගය විභාග කළ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව පක්ෂග්‍රාහී ලෙසත්, නිගරු ලෙසත් ක්‍රියා කළැයි කොළඹ අලුත්කඩේට රැස්වූ නීතීඥවරු පිරිසක් ප්‍රකාශ කළහ. ජනාධිපති නීතීඥ ජයම්පති වික්‍රමරත්න මහතා පැවසුවේ රටවැසියකුට චෝදනාවක් ඉදිරිපත් කළ විට උත්තර බැඳීම සඳහා සාධාරණ කාලයක් දීම රටේ නීතිය බවයි. එහෙත් අගවිනිසුරුවරියට ඒ අවස්ථාව නොලැබුණු බව ඔහු කීවේය. ජනාධිපති නීතීඥ ශ්‍රීනාත් පෙරේරා මහතා පැවසුවේ කෙනෙකු අගවිනිසුරුට කැමති වූවත් නැතත් ඇය අධිකරණයේ ඉහළම ආසනය හොබවන බවයි. එවැනි කෙනෙකු අවමානයට ලක් කිරීම නුසුදුසු බවයි. විධායකය හා ව්‍යවස්ථාදායකය එක්ව ස්වාධීන අධිකරණයේ කොන්ද කඩා දමා ඇතැයි ද ඔහු කීවේය. විධායකය, ව්‍යාවස්ථාදායකය හා අධිකරණය එකිනෙකාට ගරු කළ යුතු බවත්, ඉන් එක් පාර්ශ්වයක් හදිසි තීරණ ගැනීම වලංගු නොවන බවත් කීවේය. ජේ සී වැලිඅමුණ මහතා පැවුවේ නීතියේ ස්වාධිපත්‍යය සුරැකීමට මහජනයා වෙනුවෙන් නීතීඥයන් අරගල කරන බවයි.