‘කටුවන ප්‍රහාරය දේශපාලන මැරයන්ගේ වැඩක්‘


කටුවන ප්‍රදේශයේ දේශපාලන රැස්වීමකට එල්ල කළ ප්‍රහාරයට කටුවන  මැර කණ්ඩායමක් හවුල් යැයි ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී විජිත හේරත් මහතා  කියයි. ටී 56 අවියකින් රැස්වීමේ සිටි අයට වෙඩි තැබූ බවත් දෙදෙනකු එතැනම මිය ගොස් තවත් පිරිසක් තුවාල ලබූ බවත් ඔහු කියයි. මැරයන්  කවුදැයි රැස්වීමේ සිටි කටුවන අය දන්නා බවත් ඔහු පවසයි.