‘කටුගෙයි හොරුන් දෙසතියෙන් කූඩුවට‘


කොළඹ ජාතික කෞතුකාගාරයේ කෞතුක භාණ්ඩ සොරාගත් අය දෙසතියකින් අත්අඩංගුවට ගන්නා බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා පැවසීය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එලෙස පැවසුවේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ පැවති ‘සියපත්විල‘ වැඩසටහනට සහභාගී වෙමිනි. ක්ෂණික සාක්ෂි නොමැතිව වුවද සැකකරුවන් අල්ලා ගැනීමට තරම් ශ්‍රී ලංකා පොලීසියේ දක්ෂ නිලධාරීන් සිටින බව ද ඔහු පැවසීය. ආරක්ෂක අමාත්‍යංශයෙන් සංවිධානය කරන ‘සියපත්විල‘ ප්‍රසංගයේ අරමුණ පොලිස් නිලධාරීන්ගේ දක්ෂතා වැඩිදියුණු කරමින් මහජන මිත්‍රශීලී පොලිස් සේවයක් ඇති කිරීමයි.