‘ඕනෑ නැති ආමන්ත්‍රණ එපා‘


උතුමානණි, ස්වාමීනි, හාමුදුරුවනේ වැනි වදන් වලින් ගිහි ප්‍රභූන් ආමන්ත්‍රණය කරමින් කොන්ද නමාගෙන ඔවුනට ගරු සරු දැක්වීමේ දේශාපාලන ක්‍රමය නතර කළ යුතු යැයි ද, ඕනෑම ප්‍රභූවරයකුට ‘මහත්තයා‘ යනුවෙන් ඇමැතීමේ සංස්කෘතියක් තිබිය යුතු යැයි ද හිටපු හමුදාපති සරත් පොන්සේකා බද්දේගම දී පැවැසීය. අවුරුදු 10-15ක් වැලිකඩ බෝගම්බර හිරගෙවලට දැමුවත් තමා ජනතා සේවය යටපත්  කළ නොහැකි යැයි ද ඔහු කීවේය.