(සුජිත් හේවාජූලිගේ)
ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණය අහිංසක එකක් බවත් ඒ පිළිබඳව පොලිස්පතිවරයා අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැති බවත් ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පැවැසීය.
‘උද්ඝෝෂණයට කොළඹට කැඳවන ජනතාව සුරක්ෂිතව ගමට ගෙනයාමේ වගකීම අපට තියෙනවා’ යැයිද මන්ත්‍රීවරයා කීවේය.
‘අප කරන්නේ ආණ්ඩුවට එරෙහි සාමකාමී උද්ඝෝෂණයක්. කොළඹට එන්නේ ගහ මරා ගන්න නෙවෙයි. තැන් පහක ඉඳගෙන සාමකාමීව උද්ඝෝෂණ පැවැත්වීම අපේ අරමුණයි.
සාමකාමීව උද්ඝෝෂණය කරන ජනතාවට ආරක්ෂාව දීම පොලිස්පතිවරයාගේ වගකීමක්. සාමකාමීව උද්ඝෝෂණ කටයුතුවල යෙදෙන්නැයි ජනතාවට දැනටමත් උපදෙස් දීලා තියෙනවා’ යි හෙතෙම කීය.

