(නිමල කොඩිතුවක්කු)
‘ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්ව ඇතැම් මාධ්‍ය දැගලූව ද ආණ්ඩුවේ මයිල් ගහක්වත් හෙළවීමට නොහැකි’ යැයි මුදල් හා ජනමාධය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.
රාජපක්ෂ රජය හොරකම් කළ මුදලින් අහිංසක මිනිස්සුන්ට කන්න බොන්න දී කොළඹ ගෙන්නුවට ආණ්ඩුවට කිසිදු ගැටලූවක් නොවන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
වත්මන් රජය ලබාදී ඇති නිදහස අවභාවිතා කිරිමට කටයුතු කළහොත් පමණක් නීතිය ඉතා දැඩිව ක‍්‍රියාත්මක කිරිමට සිදුවන බවද ඒ මහතා පැවසීය.
ඉදිරි මැතිවරණ ජයග‍්‍රහණය කර 2025 වසර දක්වා ඒකාන්ත ලෙසම වත්මන් ආණ්ඩුව ඉදිරියට ගෙන යන බවද මුදල් හා ජනමාධය අමාත්‍ය මංගල සමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

