‘ඒකාබද්ධය දවල් සිහින දකිනවා’


නාලක සංජීව දහනායක
 

මහජන උද්ඝෝෂණයක් පවත්වා කොළඹ වැටලීමෙන් ආණ්ඩුව පෙරළිය හැකි බවට ඒකාබද්ධ විපක්‍ෂය දවල් සිහින දකිමින් සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.


ඒකාබද්ධ විපක්‍ෂය සංවිධානය කරන උද්ඝෝෂණය මහජනතාවට හිංසාවක් බවත් එම උද්ඝෝෂණය මර්දනය කිරීමට ආණ්ඩුවට කිසිම වුවමනාවක් නොමැති බවද කීය.


මේ වනවිට රටතුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය දොරේ ගලන බැවින් උද්ඝෝෂණ පැවැත්වීමට නිදහස තිබෙන බව සඳහන් කළ අමාත්‍යවරයා මහජන උද්ඝෝෂණ, පෙළපාළි මර්දනය කිරීමට ආණ්ඩුවට කිසිම අවශ්‍යතාවයක් නැති බවද වැඩිදුරටත් සඳහන් කළේය.