උසස් පෙළ ටියුෂන් ගුරුවරයකුගේ දැන්වීම් ඇතුළත් අපොස සාමාන්‍ය පෙළ පෙරහුරු ප්‍රශ්න පත්‍රයක් සිසුනට බෙදා දී, එම ටියුෂන් ගුරුවරයාම ගෙන්වා දේශනයක් පැවැත්වීයැයි කියන කොළඹ ප්‍රධාන පෙළේ පාසලක් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන්නැයි ලංකා ගුරු සංගමය අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලයි.
එම විද්‍යාලයයේ මේ දින වල අපොස සාමාන්‍ය පෙළ පෙරහුරු සැසි පැවැත් වෙන අතර එහි ගණිතය සම්බන්ත්‍රණය පැවැති පසුගිය බ්‍රහස්පතින්දා ටියුෂන් ගුරුවරයකු ගෙන්වා විනාඩි හතලිහක පමණ දේශනයකට අවස්ථාව සලසා දී ඇති බවත් අධ්‍යාපන ආරංචිමාර්ග කියයි.
ඊට දින කිහිපයකට පෙර සිසුනට බෙදා දී තිබූ විද්‍යාව පෙරහුරුපෙරහුරු ප්‍රශ්න පත්‍රයේ අවසන් පිටුවේ ටියුෂන් ගුරුවරයාගේ දැන්වීමක් මුද්‍රණය කර ඇත.
පිටු හයකින් යුත් එම ප්‍රශ්න පත්‍රයේ සෑම පිටුවකම ඉහළින් විද්‍යාලයයේ නමත්, පහළින් ටියුෂන් ගුරුවරයාගේ නමත් මුද්‍රණය කර ඇතැයි සුසුහු කියති.
පසුගිය බ්‍රහස්පතින්දා ඔහුගේ රුව ද සහිත ෆයිල් කවරයක් සිසුන් අත බෙදා දී ඇතැයි ද දැනගන්නට ඇත.
පාසල් තුළ ටියුෂන් සඳහා ප්‍රචාරණය ලබා දීම සිදු කරන්නේ කුමන අරමුණකින්දැයි සොයා බැලිය යුතු බවත්, එම පාසලේ අදාළ විෂය උගන්වන ගුරුවරුන් සිටියදී ටියුෂන් ගුරුවරු ගේ ප්‍රචාරණයන් සිටුකිරීමෙන් පාසලේ ගුරුවරුන් ගැන විශ්වාසය නැති වී යන බවත්, මේ ගැන වහා පරීක්ෂණයක් සිදුකර අවශ්‍ය පියවර ගත යුතු බවත් ස්ටාලින් කීවේය.