උසස් පෙළ සමතුන්ට රජයේ රැකියා අවස්ථා හෝ දීමනාවක් ලබාදීම, නව රාජ්‍ය විශ්ව විද්‍යාල ඇරැඹීම ඇතුළු ඉලීම් 11ක් මුල් කර ගනිමින් ‘තරුණ්‍යයේ හඬ‘ සංවිධානය කොළඹ කොටුවේ දී උද්ඝෝෂණයක් පැවැත්වීය.
2014 අයවැය මගින් තරුණ පරපුරට ලැබිය යුතු සාධාරණ ඉල්ලීම් රජය ලබා නොදුන් බව පවසමින් ඔවුන් මෙසේ විරෝධය දැක්වූ අතර මරදාන ටෙක්නිකල් මංසන්ධියේ සිට කොළඹ කොටුවේ මුදල් අමාත්‍යංශය දක්වා පාගමනක් ඇරැඹූහ.
නමුත් සම්බුද්ධාලෝක විහාරය අසලදී පොලිසිය මාර්ග බාධක යොදා විරෝධතා පා ගමන නතර කළේය. ඉල්ලීම් ඇතුළත් සංදේශයක් බාර දීමට නියෝජිතයන් කිහිප දෙනකුට පමණක් මුදල් අමාත්‍යංශයට යෑමට අවසර ලැබිණි.

