(ඩයනා උදයංගනී)
උමා ඔය ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර ලබාගෙන ඇති පරිසර වාර්තා සම්බන්ධයෙන් කිසිසේත් එකඟවිය නොහැකි බව මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පැවසීය.
මෙම ව්‍යාපෘතිය හේතුවෙන් මේ වන විට පාරිසරික ගැටලූ රැසක් මතුවී ඇති බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා එසේ වුවත් දැන් මෙහි කටයුතුවලින් සියයට 77ක් අවසන් කර ඇති නිසා ආපසු හැරීමේ හැකියාවක් නැතැයි ද කීවේය.
හැකි ඉක්මනින් කිලෝමීටර් 15ක් දිග උමගේ කටයුතු අවසන් කර එය සීල් කිරීමට මේ වන විට කටයුතු කරමින් සිටින බව කී ජයරත්න මහතා ඉන් පසු පවතින ගැටලූ මගහැරී යනු ඇතැයි බලාපොරොත්තු වන බව ද කීවේය.
අනුරාධ ජයරත්න මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මෙහිදී අදහස් දැක්වූ ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා පැවසුවේ උමා ඔය ව්‍යාපෘතියට අදාළ සැලසුම් සකස් කිරීමේ අවස්ථාවේදී ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ කිසිම සහයෝගයක් ලබාගෙන නැති බවය.
(ඡායාරූපය - ඉෂාන් සංජීව)


