රජයේ ගුරු පත්වීම් ලබා ගෙන අඩු ගණනේ වසර තුනක් වත් ගමේ දරුවන්ට අධ්‍යාපනය දීමට අධිෂ්ඨාන කැර ගන්නැයි නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පාරට බැස දිවි හිමියෙන් සටන් කරන විශ්ව විද්‍යාල සිසුන්ගෙන් සහ උපාධිධාරීන්ගෙන් ඉල්ලා සිටින බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා පැවසීය.
ඔහු මෙම ඉල්ලිම කළේ නුගේගොඩ වෙළද ව්‍යාපාරික ප්‍රජාව විසින් නුගේගොඩ දී පවත්වන ලද හමුවකට සහභාගී වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු නියෝජ්‍ය අමාත්‍යවරයා
‘ගමේ තිබෙන නිදහස් අධ්‍යාපනය ගැන මෙතරම් කට මැත දොඩවන උපධිධාරීන් ඔවුනට ගමේ පාසලකට පත්වීමක් ලබා දුන්නම යන්නෙ නැහැ.කවුරුත් බලාපොරොත්තු වන්නේ ආනන්ද, නාලන්ද, විශාඛා හෝ නගරයේ පාසලක්.
පසු ගිය කාලේ විද්‍යා , ගණිත, පරිගණක , ඉංග්‍රීසි ගුරුවරුන් හාරදහසක් බදවා ගන්න කටයුතු කළා. ඒත් ඉංග්‍රීසි ගුරු පත්වීම් ගත්තේ පනස් දෙදෙනකු විතරයි.
ප්‍රාථමික ,ද්විතික , විශ්ව විද්‍යාල අධ්‍යාපනයත් නොමිලේ ලබා ගෙන අවුරුදු තුනක් ගමේ ළමයින්ට උගන්වන්න යන්න මේ උපාධිධාරීන් කැමති නැහැ.ඔවුන්ගේ කථාව විතරයි. කෙරුවාව නැහැ.
ජාතියක් බිහි වෙලා.අපිට සමස්ත ජාතියේම ආකල්ප වෙනස් කර ගන්න කාලය ඇවිත්.‘