‘උණු කළ රන් කටුගෙයි රන් දැයි දන්වනු’


කොළඹ ජාතික කෞතුකාගාරයේදී ජුනි 28 වැනිදා සොරකම් කළැයි කියන කෞතුක වස්තු හා රිමාන්ඞ් භාරයේ පසුවන තේනුවර ආචාරිගේ කැළුම් ළඟ ඇති උණු කළ රත‍්‍රං අතර සම්බන්ධයක් ඇත්දැයි ලබන 13 වැනිදා දන්වන්නැයි කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා කොළඹ අපරාධ කොට්ඨාස පොලිසියට නියෝග කළේය. කැළුම් ලඟ ඇති උණු කළ රන් තොගය කටුගෙයි සොරකම් කළ භාන්ඩ උණු කිරීමෙන් ලබා ගත් රන් දැයි දන්වන ලෙස පොලිසියට කී මහේස්ත‍්‍රාත් සැකකරු යළි රිමාන්ඩ කළේය.